පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්‌

penena nopenena duraka idan ayemath

Athma Liyanage
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්‌ Lyrics

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්‌
නුඹ ඇවිත්‌ හිත ළඟට හොරෙන්‌
ආවාට නොකියාම ජීවිතෙන්‌
නවතින්න හිතුවාද ආයෙමත්‌ ආදරෙන්‌..

දකින හිමිවන හීනේ..
නුඹ කොතැන හිටියා..
මතක සැමරුම්‌ අතරේ..
ජීවිතේ තිබුණා..
හඬන හිනැහෙන නෙත්‌ නුඹේ ..
උරහිසේ නිබුණා..
ඇත්තමයි නුඹ අහසක්‌..
වගේමයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්‌..
ළඟට ඇවිදින්‌ තුරුලු වෙමින්‌..
ආවාට නොකියාම ජීවිතෙන් ..
නවතින්න හිතුවාද ආයෙමත්‌ ආදරෙන්‌..

මිරිඟුවක හිත තියලා..
නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ ..
තනිකමක්‌ දැනුණා..
ඇසිල්ලක දුටු හීනෙන්‌..
හිත හුඟක්‌ රිදුණා..
අරුත නොදකින සෙනෙහේ..
ඔය නමත්‌ රැඳුණා..

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්‌
නුඹ ඇවිත්‌ හිත ළඟට හොරෙන්‌
ආවාට නොකියාම ජීවිතෙන්‌
නවතින්න හිතුවාද ආයෙමත්‌ ආදරෙන්‌..

ආවාට නොකියාම ජීවිතෙන්‌
නවතින්න හිතුවාද ආයෙමත්‌ ආදරෙන්‌..
ආයෙමත්‌ ආදරෙන්‌...

Video thumbnail