පෙර එක දවසක සඳ නැති සවසක

Pera Eka Dawasaka Sanda Nathi Sawasaka

milton mallawarachchi
පෙර එක දවසක සඳ නැති සවසක Lyrics

පෙර එක දවසක
සඳ නැති සවසක
ඔබ මා සමුගත්‌ ඉවුරු තලාවේ
යළි අප හමුවේවා..
යළි අප හමුවේවා

ආල හැඟුම්‌ දෙන කොමල හිනාවෙන්‌
මගේ පැතුම්‌ ලොව සසල කළා සේ
නීල නුවන්‌ වැටි දෑළවරින්‌ ඔය
තවත්‌ ලොවක්‌ ඔබ එළිය කළා වේ

පෙර එක දවසක
සඳ නැති සවසක
ඔබ මා සමුගත්‌ ඉවුරු තලාවේ
යළි අප හමුවේවා..
යළි අප හමුවේවා

එකම වරක්‌ හෝ නෙත සනසන්නට
ආශාවෙන්‌ මා ඔබ දෙස බලලා
එකම වරක්‌ ලොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින්‌ හැඬුවා

පෙර එක දවසක
සඳ නැති සවසක
ඔබ මා සමුගත්‌ ඉවුරු තලාවේ
යළි අප හමුවේවා..
යළි අප හමුවේවා...

Video thumbnail