පෙරවදනක් වී මගේ කතාවට Lyrics
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..
අරුත බීඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියු කිවිඳියම පතා..
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා..
බලා හිඳිමි මතු භවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා..
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා...