පිච්ච කැකුලු මල් මාලය කොණ්ඩේ පළන්දා
සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය.. තංගමනී නංගියේ..
අම්මා අප්පා කොයි ගිහින්ද ඇයි තනියම පන්සලේ
අර සුවඳ හමන පිච්ච කැකුලු.. කෝ අද උඹෙ කොණ්ඩයේ..
අම්මා අප්පා ගියා උදෙන් වැඩට මාළු වාඩියේ
මහා මුහුද එවිත් දෝරේ ගියා වාඩියවත් නෑ එනේ..
වෙච්ච කැරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ
ලොකු හාමුදුරුවෝ අපට එවිත් ඉන්න කීවා පන්සලේ. .
කැඩිච්ච කෝව්ල හදන්ඩ ටික දවසක් යයි නගේ
අපි බුදු සාදුට වැඳලා අහමු.. අම්මා අප්පා ගැන නුඹේ..
මෙච්චර කල් කවදාවත් පන්සලකට නෑ ගියේ
අපි හෙමදාමත් දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ. .
දෙවියෝ බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ
අපි බුදු සාදුට වැඳලා පස්සේ.. කෝවිලටත් යමු නගේ..
ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ
බුදු සාදුට පූජා කරන්න.. පිච්ච මලාක් නෑ අතේ..
අත්පොඩි දෙක එකට තියලා.. වඳින ලෙසම කෝවිලේ
සුදු අරලිය මල් පූජා කරමු.. ඒවත් සුවඳයි නගේ..
ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ
බුදු සාදුට පූජා කරන්න.. පිච්ච මලාක් නෑ අතේ..
අත්පොඩි දෙක එකට තියලා.. වඳින ලෙසම කෝවිලේ
සුදු අරලිය මල් පූජා කරමු.. ඒවත් සුවඳයි නගේ...