පිලිමයක් ඔයා

Pilimayak Oya 


පිලිමයක් ඔයා Lyrics

ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයා...
ආල මාල දාලා කැන්දගන එන්නම් මා...
දගකාර හිතට ආශා හැඩකාරි මුකුලු පානා
සුර අංගනාව වාගේ පේනවා
මනමාල සිතැගි තෝරා දවසේම කැමති හෝරා
අපි දෙන්නා දෙතැන හීණ මවනවා

ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයා...

දගවැඩ ඕනෙ නෑ තරහට වත් හොදේ
පුර හද වගේ පෙනේ මගෙ පණ ඔයා ලදේ
තනි තරු නෑ හොයන්න අහසටත් ලදේ
මගෙ හීනයේ සුරංගනාවියේ...

දැනෙනවද ආදරය කියනවද තාලයට
පේන හැම හීනයේ ඔයාව මැවෙන්නේ
සුර අගන ඔයා රගන දිහා බලපු වෙලාවේ
මම නොකර කතා විදිමි සදා රැගුම ඔයාගේ

ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයා...
ආල මාල දාලා කැන්දගන එන්නම් මා...
දගකාර හිතට ආශා හැඩකාරි මුකුලු පානා
සුර අංගනාව වාගේ පේනවා
මනමාල සිතැගි තෝරා දවසේම කැමති හෝරා
අපි දෙන්නා දෙතැන හීණ මවනවා

Video thumbnail