පින්‌ මන්ද රංග භූමියේ

Pin Manda Ranga Bumiye

senanayaka weraliyadda
පින්‌ මන්ද රංග භූමියේ Lyrics

පින්‌ මන්ද රංග භූමියේ
පෙම්‌ බැන්ද සිංහ සීවලී..
නුඹ.. මන්ද ලෙනෙන්‌.. පිටවෙලා ගියේ..
මං.. සිංහයාට.. බයයි නංගියේ..
මං සිංහයාට බයයි නංගියේ..

වැදි රජ සමගින්‌ අවසැඟ
මනමේ කුමරිට  රැවටුණ
වැදි රජ සමගින්‌ අවසැඟ
මනමේ කුමරිට  රැවටුණ
මනමේ කුමරා.. මමයි නංගියේ..
ධනුදර වුණාට ඉහත සංධියේ
ධනුදර වුණාට ඉහත සංධියේ..
මං.. සිංහයාට.. බයයි නංගියේ..
මං සිංහයාට බයයි නංගියේ..

පින්‌ මන්ද රංග භූමියේ
පෙම්‌ බැන්ද සිංහ සීවලී..
නුඹ.. මන්ද ලෙනෙන්‌.. පිටවෙලා ගියේ..
මං.. සිංහයාට.. බයයි නංගියේ..
මං සිංහයාට බයයි නංගියේ..

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත්‌ මිස
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත්‌ මිස
තිරය මෑත්‌.. කරන වංගියේ..
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ..
මං.. සිංහයාට.. බයයි නංගියේ..
මං සිංහයාට බයයි නංගියේ..

පින්‌ මන්ද රංග භූමියේ
පම්‌ බැන්ද සිංහ සීවලී..
නුඹ.. මන්ද ලෙනෙන්‌.. පිටවෙලා ගියේ..
මං.. සිංහයාට.. බයයි නංගියේ..
මං සිංහයාට බයයි නංගියේ..
මං සිංහයාට බයයි නංගියේ..
මං සිංහයාට බයයි නංගියේ..
මං සිංහයාට බයයි නංගියේ...

Video thumbnail