පිනි බිඳුවක්‌ වෙන්නට ආසයි

pini binduwak wennata asai

Bathiya And Santhush(B & S)
පිනි බිඳුවක්‌ වෙන්නට ආසයි Lyrics

පිනි බිඳුවක්‌ වෙන්නට ආසයි
මිහිමත සිසිලස රැඳුනූ
දිය රැල්ලක්‌ වෙන්නට ආසයි
දොල මත දිය රැල්‌ නැගුණු
සිසිලස දෙන්නම්‌.. මා සැමදා
පවනක්‌ වී එන හමා..
සුරකින්නම්‌ සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත්‌ පුරා

හිරු පායා එන මොහොතේ
සඳ සැඟවී යයි අහසේ
ඔබ මා වෙත එන දවසේ
කඳුළැල්‌ වියකෙන මොහොතේ
ඔබ එන දිනේ.. කඳුළැල්‌
වියකෙන මොහොතේ..
පැතුවා සෙනෙහේ රැඳුනා දෙහදේ
සැමදා රැදෙන සේ..

පිනි බිඳුවක්‌ වෙන්නට ආසයි
මිහිමත සිසිලස රැඳුනූ
දිය රැල්ලක්‌ වෙන්නට ආසයි
දොල මත දිය රැල්‌ නැගුණු
සිසිලස දෙන්නම්‌.. මා සැමදා
පවනක්‌ වී එන හමා..
සුරකින්නම්‌ සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත්‌ පුරා

අතිනත පැටලී යන මොහොතේ
සතුටක්‌ දැනුනා හිත්‌ අහසේ
පැතු සිහින පැතුම්‌ ඒ දවසේ
රැඳුනා දෙහදේ..
ඔබ එන දිනේ.. කඳුළැල්‌
වියකෙන මොහොතේ..
පැතුවා සෙනෙහේ රැඳුනා දෙහදේ
සැමදා රැදෙනා සේ..

පිනි බිඳුවක්‌ වෙන්නට ආසයි
මිහිමත සිසිලස රැඳුනූ
දිය රැල්ලක්‌ වෙන්නට ආසයි
දොල මත දිය රැල්‌ නැගුණු
සිසිලස දෙන්නම්‌.. මා සැමදා
පවනක්‌ වී එන හමා..
සුරකින්නම්‌ සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත්‌ පුරා

Video thumbnail