පිනි වැටුණට සුදු නෙළුමට බර වැඩි වෙන්‌ නෑ

Pini Watunata Sudu Nelumata

roshan fernando
පිනි වැටුණට සුදු නෙළුමට බර වැඩි වෙන්‌ නෑ Lyrics

පිණි වැටුණට සුදු නෙළුමට බර වැඩි වෙන්‌ නෑ
මල පිපුණට පිණි බිඳු වල වෙනසක්‌ වෙන්‌ නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන්‌ නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක්‌ දෙන්න බෑ

සිරගත කල සිතුවිලි වල කිසි අඩුවක්‌ නෑ
අපි ගතකල තැන්‌ තැන්‌ වල මතකය යන්‌ නෑ

සිරගත කල සිතුවිලි වල කිසි අඩුවක්‌ නෑ
අපි ගතකල තැන්‌ තැන්‌ වල මතකය යන්‌ නෑ
වෙනදට වැඩියෙන්‌ ආදරෙ කිසි වෙනසක්‌ නෑ
මොන දේවල්‌ ලැබුණත්‌ මට ඔයා නැතූව බෑ

පිණි වැටුණට සුදු නෙළුමට බර වැඩි වෙන්‌ නෑ
මල පිපුණට පිණි බිඳු වල වෙනසක්‌ වෙන්‌ නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන්‌ නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක්‌ දෙන්න බෑ

අදට වඩා හොඳ දවසක්‌ හෙට නැතිවෙන්‌ නෑ
ඔබ ළඟ ඉන්නවා නම්‌ මට කාලය යන්‌ නෑ

අදට වඩා හොඳ දවසක්‌ හෙට නැතිවෙන්‌ නෑ
ඔබ ළඟ ඉන්නවා නම්‌ මට කාලය යන්‌ නෑ
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක්‌ නෑ
මොන දේවල්‌ ලැබුණත්‌ මට ඔයා නැතූව බෑ

පිණි වැටුණට සුදු නෙළුමට බර වැඩි වෙන්‌ නෑ
මල පිපුණට පිණි බිඳු වල වෙනසක්‌ වෙන්‌ නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන්‌ නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක්‌ දෙන්න බෑ

Video thumbnail