පිංකාරි මා

Pinkaari maa


පිංකාරි මා Lyrics

මේ යාමේ තුරුල් වේ වි පෙම්වත් කතා..
හිත පාවී ඇදී ඈත මංමත් වෙලා
මගෙ ගා වින් ඔබේ හීන සිත්තම් වෙලා
පෙනේවීද ආයේම ආයෙ ඔයා
හොරෙන් මං දිහා
ඒ ඇස් කී කතා
උන්මාදෙන් ඔයා ගාව ඉන්නම් බලා
නොයන් හැංගිලා
තියන් මා ඔයා
ලගින් ඉන්න ආසා මේ පිංකාරි මා...

සද කුමරා මුලු රෑම ඔච්චම් කලා
මම ඔබ ගාව මගේ හීන ගෙත්තම් කලා
ඔය හිත ගාව මගෙ කෝල කම් උහුලනා
හොද කොල්ලො ඔයා ඉන්න මං එක්කලා

මං ආසම විදින්න හිනාව ඒ
පෙන්නාවී ඈගේ ඒ නුරාගී සේයා
හිතන් නැති දේවල් ලං වෙද්දී පේනා
රුවේ පැටලුන හිත ගන්නේ කෙසේ මං

ඔයා ගාවින් ඉන්නයි ආස කලේ ලදේ
වැද්දි වැද්දි ඉන්න ආසයි නැලවෙන බදේ..
දැනගෙනයි මමත් පැටලුනේ දැලේ
අහිංසක පාටයි ඒත් පොඩ්ඩක් ඇත්නම් විසේ

කාට කාටත් නෑ ඔයා දෙන්නේ
මගෙ ගාවින්ම තියාන මම එක්කන් යන්නම් ලෝකෙ වටේ
කෙල්ලෙ ඔයා මගෙ ගාවින් ඉද්දි මමත් ආසයි
ඈතින් මනමාල පාටයි ඊටත් වඩා මාර හැඩයි

සරාගී දෙනුවන් ආයෙ දෙපාරක් මං හැරිලා
බලන්නෙ කෙල්ලෙ මං ඒකයි ඉන්නෙ සමවැදිලා
පාට පාටින් මගෙ හිතේ රුව ඇදිලා
පතාන අව කෙල්ල මගෙ ඉස්සරහින් මැවිලා

කෝලම් කාරි ඈ දැක්කත් හරි විසේ කාරයි
කටකාරයි ඈ පොඩ්ඩක් හරි දගකාරයි
පිටස්තර ලෝකෙ නැති දිස්නේ දෙන්නේ
විස්තර ඕනි තරම් ඉස්තරම් කෙල්ලෙක් ඈ මට බාරයි ...

හොරෙන් මං දිහා
ඒ ඇස් කී කතා
උන්මාදෙන් ඔයා ගාව ඉන්නම් බලා
නොයන් හැංගිලා
තියන් මා ඔයා
ලගින් ඉන්න ආසා මේ පිංකාරි මා...

නුබගේ ලගින් මා කැන්දන් යමි බක්කි කරත්තෙන්
සොකරි නටන්නට අපි දෙන්නා යමු බක්කි කරත්තෙන්
ආසම කෙල්ලෙ මම පැද්දි පැද්දි යන්න නුබගෙ තුරුල්ලේ
යමුද කරත්තේ අපි දෙන්නා යමු යමුද කරත්තෙන්
සොකරි බලන්න ...

Video thumbnail