පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මේ කුමකට ලොව පිපෙනවාද මල්
පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මේ කුමකට ලොව පිපෙනවාද මල්
යාය පුරා උන් දුව පනිතී ..
තරඟෙට සුසිනිඳු මල් නෙළතී..
යාය පුරා උන් දුව පනිතී ..
තරඟෙට සුසිනිඳු මල් නෙළතී..
හැමදා මල් ලොව මල් අහිමී..
මට උන් ඔච්චම් බස් දොඩතී..
පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මේ කුමකට ලොව පිපෙනවාද මල්
ලොව පිපි ලස්සන මල් වන්නේ..
සෙනෙහස් මල් යැයි මා දන්නේ..
ලොව පිපි ලස්සන මල් වන්නේ..
සෙනෙහස් මල් යැයි මා දන්නේ..
ඒ මල් නෙළුමට ලොව ඉන්නේ..
අම්මා පමණයි මා දන්නේ..
පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මේ කුමකට ලොව පිපෙනවාද මල්
පිපෙනවාලු මල් පරවී වැටෙනවාලු මල්
උරනවාලු රොන් බඹරුන් තලනවාලු මල්
ඉතින් අම්මේ කුමකට ලොව පිපෙනවාද මල්