පිපුණු මලක හැඩ දෑස සලා.. Lyrics
පිපුණු මලක හැඩ දෑස සලා..
සිතුම් විහඟ කැල වසඟ කළා..
මගතොට රැළි නෙත් දහක් වසා..
මතකද.. අප නෙත්.. කතා කළා..
කවුරුද ඔබ මා.. ඉන්නෙ කොතැනා..
නොම විමසා පෙම ඉගි මැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුව පා..
වෙන් වූවා.. අප සුසුම් දරා..
මතකේ මැවෙනා.. පෙර රූ ඡායා..
හමුවේ දෝ යළි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරනා..
ඇසේවි දෝ.. මේ ගී මාලා..
පිපුණු මලක හැඩ දෑස සලා..
සිතුම් විහඟ කැල වසඟ කළා..
මගතොට රැළි නෙත් දහක් වසා..
මතකද.. අප නෙත්.. කතා කළා..