පිපුණු මලේ රුව එමල දනීදෝ Lyrics
පිපුණු මලේ රුව එමල දනීදෝ
පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා..
හැඩරුව බලන්නෙපා..
නැතිබැරි කම මුතු මාල හතක් වී
නැතිබැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලනදා..
නුඹ අත කර ලනදා..
කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ..
ආදර දියණියනේ..
පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැමිමේ..
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ..
ආදර දියණියනේ..
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
විදුරු කැඩපත බිම දැමිමේ....
පිපුණු මලේ රුව එමල දනීදෝ
පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා....
හැඩරුව බලන්නෙපා....
නැතිබැරි කම මුතු මාල හතක් වී
නැතිබැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලනදා...
නුඹ අත කර ලනදා....