පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ

Piyapath Sala Mama Oba Soya Emi Raye

milton mallawarachchi
පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ Lyrics

පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ
පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ

මල්‌ ගොමු පිස එන මදනල අතරමගකදි
මා එන මග වළකන්නට බලා උනි රැඳී

මල්‌ ගොමු පිස එන මදනල අතරමගකදි
මා එන මග වළකන්නට බලා උනි රැඳී
දසත සැරිසරා සෙව්වෙමි ගුවන්‌ තල අරා
නොදැක ඔබෙ රුව ශෝකය නැගෙයි හද පුරා..

පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ

සෙවණ ලදිමි තුරු ගොමුවල එය නොවෙයි සුවේ
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප්‍රියේ

සෙවණ ලදිමි තුරු ගොමුවල එය නොවෙයි සුවේ
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප්‍රියේ
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරිසරා...
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා..

පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ
පියාපත්‌ සළා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ

Video thumbnail