පොඩ්ඩියේ....
පොඩ්ඩියේ අම්මා අම්මා..මයි තාම
වැරදුණේ අපි නිසයි.. ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බින්ජු.. පුපුරණ දාක..
නංගියෙ අම්මාගෙන්.. උඹ ඉල්ලනවද ගේම..
තනේ කඩා විසිකර.. පත්තිනි වේ නම්..
අනේ හාමතේ.. අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නේ වන පල.. විස වී නම්..
නගේ දැන් යමන්.. පඬිපුර ගිනි නියපන්..
සතා කියා ඉඳහිටක දි ඇහුණාට..
කතා හදන උන් සේරම.. බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා වැඳපන්.. අම්මාට..
දංකඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
ලොකු හාමුදුරුවෝ අණ කර බණ පද එව්වා..
මුචලින්දගෙ ඇඟේ නයි කළඳුළක් නැටුවා..
අපේ අම්මා බණ කතාවක්... බුදු ගෙයි ලිව්වා..
රත්වුණු යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා..
පත්තිනි සළු වලත්.. ඇත් තුත්තිරි තිබුණා..
සතා කියා ඉඳහිටක දි ඇහුණාට..
කතා හදන උන් සේරම.. බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා වැඳපන්.. අම්මාට..