පුජාසනයේ.. ඔබ හිඳුවා

Poojasanaye Oba Hinduwa

nanda malani
පුජාසනයේ.. ඔබ හිඳුවා Lyrics

පුජාසනයේ.. ඔබ හිඳුවා
ඔබට පුදන මේ.. ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පුජාසනයේ.. ඔබ හිඳුවා..

ඉසුරින්‌ කිත්‌ යසසින්‌ බබළන දා
ඔබගේ බැනුමත්‌ ගීයක්‌ වේ
ඉසුරින්‌ කිත්‌ යසසින්‌ පිරිහුණු දා
සිනාසුනත්‌ එය වරදක්‌ වේ

පුජාසනයේ.. ඔබ හිඳුවා
ඔබට පුදන මේ.. ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පුජාසනයේ.. ඔබ හිඳුවා..

කිරියෙන්‌ පැණියෙන්‌ උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙලසුන්‌ වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

පුජාසනයේ...ඔබ හිඳුවා
ඔබට පුදන මේ.. ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පුජාසනයේ.. ඔබ හිඳුවා...

Video thumbnail