ප්‍රාතිහාරී නුරා ගේනා

prathihari nura gena

supun perera
ප්‍රාතිහාරී නුරා ගේනා Lyrics

ප්‍රාතිහාරී නුරා ගේනා..
මීන දෑසේ මවා.. ආශා..
රූපසාරී මැවී පේනා..
චන්ද්‍ර ශෝභා රසේ.. පානා..
මන ආශා රටා.. පානා..
හිත පෑහි සොබා ගේනා..

නේත්‍ර මානනා
සිත පාරා පෑ සිනා
සීමා නෑ සිතා
ඉඟිපානා දෑසිනා
සිහින යායේ සරා මා හා..
එනවාදෝ මවා.. සේයා..
ප්‍රේම හීනේ සොබා ගේනා..

සේයා රූ ගෙනා..
නිම නේනා කාරණා..
ඡායා රූ මවා..
නෙතු පේනා රෑ දිවා
සිහින යායේ සරා මා හා..
එනවාදෝ මවා.. සේයා..
ප්‍රේම හීනේ සොබා ගේනා..

ප්‍රාතිහාරී නුරා ගේනා..
මීන දෑසේ මවා.. ආශා..
රූපසාරී මැවී පේනා..
චන්ද්‍ර ශෝභා රසේ.. පානා..
මන ආශා රටා.. පානා..
හිත පෑහි සොබා ගේනා..
හිත පෑහි සොබා ගේනා..
ඒ.. හීනේ සොබා ගේනා..

නන නන.. හ්ම්...

Video thumbnail