පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන හහ්‌ ඉතින්‌

Pulli Gona Geta Panala Hathwalame

rohana baddage
පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන හහ්‌ ඉතින්‌ Lyrics

පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන (හහ්‌ ඉතින්‌)
ගෙදර උන්දැ කොණ්ඩේ බඳින හවරිය කාලා (අම්මපා)
කොණ්ඩෙ බඳින්නට විදිහක්‌ නැතැයි කියාලා (හා හා හා හා)
මටයි දෝස කියන්නේ මං මක්‌ කොරන්නද (ඒක තමයි)
(හත්වලාමේ වෙච්චි දේට මක්‌ කොරන්නද)

උපන්‌ දවසේ ඉඳ.. තණකොළ කන ගෙරියට (ඔව්‌ ඔව්‌)
කන්ඩ දෙයක්‌ නැතුවා වාගේ හවරිය කාලා (හා හා හා)
(කන්න දෙයක්‌ නැතුවා වාගේ හවරිය කාලා)

කරුමෙක මහත.. නරක නාමෙ දැන්‌ මට
(හිතලා කරපු දෙයක්යෑ..) බැනලා වැඩක්‌ වෙනවයැ
හත්වලාමේ වෙච්චි දේට මක්‌ කොරන්නද

පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන (හහ්‌ ඉතින්‌)
ගෙදර උන්දැ කොණ්ඩේ බඳින හවරිය කාලා (අම්මපා)
කොණ්ඩෙ බඳින්නට විදිහක්‌ නැතැයි කියාලා (හා හා හා හා)
මටයි දෝස කියන්නේ මං මක්‌ කොරන්නද (ඒක තමයි)
(හත්වලාමේ වෙච්චි දේට මක්‌ කොරන්නද)

මහ විසාලෙට.. තිබුණු කොණ්ඩේ නැති කොට (ඔව්‌ ඔව්‌)
මගට බහින්නේ කොහොමද කියලා අහනවා (හා හා හා)
(මගට බහින්නේ කොහොමද කියලා අහනවා)

වයස ගිහිල්ලත්‌.. ගෙදර උන්දැගෙ කෝලං
(මහපාරේ යන්නට.. කොණ්ඩේ නැතුව බැරුවයැ
හත්වලාමේ වෙච්චි දේට මක්‌ කොරන්නද)

පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන (හහ්‌ ඉතින්‌)
ගෙදර උන්දැ කොණ්ඩේ බඳින හවරිය කාලා (අම්මපා)
කොණ්ඩෙ බඳින්නට විදිහක්‌ නැතැයි කියාලා (හා හා හා හා)
මටයි දෝස කියන්නේ මං මක්‌ කොරන්නද
හත්වලාමේ වෙච්චි දේට මක්‌ කොරන්නද
(ඉතින්‌ මං මක්‌ කොරන්නද)

Video thumbnail