පුන්‌ පෝදා සඳ ඔබ ගෙන ආවොත්

Pun Poda Sanda Oba Gena Awoth

malani bulathsinhala
පුන්‌ පෝදා සඳ ඔබ ගෙන ආවොත් Lyrics

පුන්‌ පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල්‌ වට්ටියකට අරගන්නම්‌
ඔබ හැමදාමත්‌ ඉල්ලන තරුමල්‌
එයට නෙලා පිළිගන්වන්නම්‌

පුන්‌ පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල්‌ වට්ටියකට අරගන්නම්‌
ඔබ හැමදාමත්‌ ඉල්ලන තරුමල්‌
එයට නෙලා පිළිගන්වන්නම්‌

දේදුන්නක්‌ ඔබ මට ගෙන ආවොත්‌
විසිතුරු සළුවක්‌ වියම්‌ එයින්‌
පරසතු උයනේ සක්මන්‌ කරනට
ඉන්‌ සැරසී ඔබ හා එන්නම්

පුන්‌ පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල්‌ වට්ටියකට අරගන්නම්‌
ඔබ හැමදාමත්‌ ඉල්ලන තරුමල්‌
එයට නෙලා පිළිගන්වන්නම්‌

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත්‌
මානස  විල මත පිපුණු සැනින්‌
නැවුම්‌ පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින්‌ මං

පුන්‌ පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල්‌ වට්ටියකට අරගන්නම්‌
ඔබ හැමදාමත්‌ ඉල්ලන තරුමල්‌
එයට නෙලා පිළිගන්වන්නම්‌

පුන්‌ පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල්‌ වට්ටියකට අරගන්නම්‌
ඔබ හැමදාමත්‌ ඉල්ලන තරුමල්‌
එයට නෙලා පිළිගන්වන්නම්‌

Video thumbnail