පුංචි දාඟකාරියේ Lyrics
ආ ආ ආආඅ.....
පුංචි දාඟකාරියේ
විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දියතඹර
පෙති ගිලිහියේ..
කවුරුන්ද මල් වයසේ
මගෙ යහන ගිනිබත් කලේ..
මනමාලියේ.. මනමාලියේ.. දඟකාරියේ..
බිඟු දබර කල සිතේ දිය බොර වෙලා..
විස බඹර තූඩු වලට පෙති ඇකිල්ලා..
දෙකොපුල් රිදුණාද දඟකාරියේ..
දෙකොපුල් රිදුණාද දඟකාරියේ..
කියන් ළඳේ.. මට රහසේ..
ඔබට මං පණ වගේ ආදරේ..
ඔබට මං පණ වගේ ආදරේ..
පෙම වහන් කල සිතේ නෙතු වැළපිලා..
විහඟ ගී රාවයෙන් තෙරපිලා..
සෙනෙහස ලැබුණාද දඟකාරියේ..
සෙනෙහස ලැබුණාද දඟකාරියේ..
කියන් ළඳේ.. මට රහසේ..
ඔබට මං පණ වගේ ආදරේ..
ඔබට මං පණ වගේ ආදරේ..
පුංචි දාඟකාරියේ
විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දියතඹර
පෙති ගිලිහියේ..
කවුරුන්ද මල් වයසේ
මගෙ යහන ගිනිබත් කලේ..
මනමාලියේ.. මනමාලියේ.. දඟකාරියේ..
ආ..
ඔබට මං පණ වගේ ආදරේ...