පුංචි දවස්‌ වල නින්දට යද්දී

Punchi Dawaswala Nindata Yaddi

sujatha aththanayaka
පුංචි දවස්‌ වල නින්දට යද්දී Lyrics

පුංචි දවස්‌ වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා..
වැන්ද දෙපා යළි අදත්‌ වඳින්නමි
මංගල ගමනට යන්න අවසරයි.. පියාණනේ..

මල්‌ බෝනික්කන්‌.. පූසි පැටව්‌ ටික
පාට ගවුම්‌ පොඩි.. අද තනිවෙනවා

මල්‌ බෝනික්කන්‌.. පූසි පැටව්‌ ටික
පාට ගවුම්‌ පොඩි.. අද තනිවෙනවා
පියාණනේ ඔබෙ.. ආසිරි විඳ විඳ
ඉරණම් ගමනක්‌.. යන්නට යනවා

පියාණනේ ඔබෙ .. පුංචි කුමාරිය
පුංචි මනාලිය.. වී යන දවසේ
එපා හඬන්නට.. එපා අඬන්නට
පුංචි මුණුබුරෙක්‌..
කැන්දන්‌ එන්නම්‌.. මා හෙට දවසේ

පුංචි දවස්‌ වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා..
වැන්ද දෙපා යළි අදත්‌ වඳින්නම්
මංගල ගමනට යන්න අවසරයි.. පියාණනේ..
මංගල ගමනට යන්න අවසරයි.. පියාණනේ...

Video thumbnail