මගෙ නෙත් මායිමෙ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනලී
ඔය නෙතු පියන් අතර හැන්ගී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනලී.....
මගෙ නෙත් මායිමෙ ඉඳන්
මට ඉඟි කරනා......
ප්‍රේමයේ රූ සිතෙ රැන්දූ....
ප්‍රේමයේ රූ සිතෙ රැන්දූ....
සිත්තරවී සිත්තරවී....
ප්‍රේමයේ රස සුවඳ ඔබමයි....
ඔබ ලඟින් හිඳ මසිත සනසයි....
සිතේ අද්දර පෙම කැලත්තූ.....
අහිංසකාවි..
මගෙ නෙත් මායිමෙ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනලී
ඔය නෙතු පියන් අතර හැන්ගී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනලී.....
මගෙ නෙත් මායිමෙ ඉඳන්
මට ඉඟි කරනා......
කෝල දෙනුවන්..මතින් හිනැහෙන්..
කෝල දෙනුවන්..මතින් හිනැහෙන්..
සුන්දරාවි...සුන්දරාවි
ආදරේ රස ගඟුල ඔබමයි
බොළඳ සිතුවිලි මහද උතුරයි
නුහුරු හැඟුමන් පොකුරු රැන්දු
අංගනාවී...
මගෙ නෙත් මායිමෙ ඉඳන්
මට ඉඟි කරනා පුංචි සමනලී
ඔය නෙතු පියන් අතර හැන්ගී
නුඹ සිපගන්නට ආසයි
පුංචි සමනලී.....
මගෙ නෙත් මායිමෙ ඉඳන්
මට ඉඟි කරනා......