පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.. Lyrics
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ...
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද..
නිල් තරු රෑන ඉඟිබිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇල වී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට..
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ...
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද..
රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන...
රන්මල් යාන හීනෙන් දකින පින පමණ...
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන...
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගේ යහන...
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ...
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද..