හ්මි.. හ්ම්.. හ්ම්..
පුතුනේ.. මේ අහගන්න පුතුනේ
පුතුනේ.. මේ අහගන්න
පුතුනේ.. මේ අහගන්න පුතුනේ
පුතුනේ.. මේ අහගන්න
මං පොඩි කාලේ හඳ මාමා කිවු
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ.. මේ අහගන්න පුතුනේ
පුතුනේ.. මේ අහගන්න
පුංචි කූඩුවක කැලයේ.. සැලළිහිනි ජෝඩුවක් උන්නා
ලස්සන සින්දු කියාලා.. පොඩි පුනා නැළෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා.. මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා.. වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා
ගස් මුල් දෙදරා ඇද හැලුණා
පුතුනේ.. මේ අහගන්න පුතුනේ
පුතුනේ.. මේ අහගන්න
අම්මයි අප්පයි දෙන්නා.. හත් දෙයියනේ දෙයියනේ කියලා
චූටි කුරුල්ලා ඉඹලා.. මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා.. මේ මුළ තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා..ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු වීලා අනුකම්පාවෙන්.. වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුණා.. වනමල් පිපිලා නැටුවා
ඉන්පසු අම්මයි අප්පයි චුට්ටයි.. සතුටින් කල් ගෙව්වාලු සුවසේ
පුතුනේ.. මේ අහගන්න පුතුනේ
පුතුනේ.. මේ අහගන්න