Ra ahasin watena Lyrics
රෑ.. අහසින්.. වැටෙනා..
බින්දු බින්දු පිනි බින්දු...
නොපිපි මල.. සොයනවා..
මුවා වී.. ඉන්න එපා..
හරි සීතලයි.. සීතලයි පින්න..
සිප ගන්න බයෙන්
මහ පොලොව..
පිනි බින්දු හඬනවා..
නිමිනාද දී..
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න..
අනෝරා.. පිනි යටින්
තෙමි තෙමි ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
පිනි දියෙන්.. දෝවන්න..
සිරුරතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න...