රහසේ මා විඳින්නේ Lyrics
සිහිනෙන් දකිනා ඔබේ රූපය....
මනසින් විඳිනා නුඹේ උණුහුම...මතකෙන් සොයනා ඔබේ සෙනෙහස ...
හැබැහින් තනි වී මගේ ලෝකය...
කොහෙ හරී තැනකදී වැරදුනා මා හට
අදටත් මා සිතින් සොයනවා ඒ තැන
රහසේ මා විඳින්නෙ රහසේ මා හඬන්නෙ මේ ආදරේ වේදනයි....
ඕ.... ඔබ නම් ළඳේ අද සතුටින් ඇතී
රහසේ මා හඬන්නේ...
අමතක කෙරුවත් ඔබේ ආදරේ
මතකෙට එනවා ළඳේ හැමවෙලේ...
පාලුව විඳිනා මගේ ජීවිතේ
පාරා යනවා ඔබේ ආදරේ
කොහෙ හරී තැනකදී වැරදුනා මා හට
අදටත් මා සිතින් සොයනවා ඒ තැන
රහසේ මා විඳින්නේ....//
ඔන්න අයියෙ lyrics කැමති නම් අනික් අයටත් බලන්න Pin කරන්න