Rahasin kiyanna balanna danenna

Rahasin kiyanna balanna danenna

harshana dissanayake
Rahasin kiyanna balanna danenna Lyrics

රහසින්‌ කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ..
නෙතඟින්‌ සැලෙන්න සලන්න කියන්න බැරවුණ.. සෙනෙහේ...
ආදරෙන්‌.. හිනැහිලා.. උණුහුමින්‌.. දැවටිලා...
ඔබ තමයි.. ජීවිතේ.. මා පැතූ.. ආදරේ..

රුව මැවෙන තරම්‌.. හද කොනක හොරෙන්‌
රස දැනෙන තරම්.. ඔය දෙතොල්‌ වලින්‌
සඳ හොරෙන්‌ ඇවිත්‌.. රැය යන්න ගිහින්‌
නුඹ ළඟට ඇවි්ත්‌.. මම ඉන්නේ තුටින්‌

මියුරුයි ගී පද නුඹ ගයනා..
අරුතක්‌ වී එය නිති සරනා..
හුස්මක්‌ වී ඔබ ළඟ ඉඳලා..
ගලපා දෙන්නම්.. ආදරේ..

දස දහස්‌ වරක්‌.. මම පතමි යළිත්‌
ඔබ දුරස්‌ වුණොත්‌.. ඉකි බිඳී සිතත්‌
නෙතු හෙමින්‌ සැරේ.. පෙම පතයි මෙසේ
ඔබ තමයි මගේ.. හිරු කිරණ ලොවේ

මියුරුයි ගී පද නුඹ ගයනා..
අරුතක්‌ වී එය නිති සරනා..
හුස්මක්‌ වී ඔබ ළඟ ඉඳලා..
ගලපා දෙන්නම්.. ආදරේ..

රහසින්‌ කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ..
නෙතඟින්‌ සැලෙන්න සලන්න කියන්න බැරවුණ.. සෙනෙහේ...
ආදරෙන්‌.. හිනැහිලා.. උණුහුමින්‌.. දැවටිලා...
ඔබ තමයි.. ජීවිතේ.. මා පැතූ.. ආදරේ....

Video thumbnail