රජ මැදුරක පෙදී හිටියා නම් Lyrics
රජ මැදුරක පෙදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹේ සිරියහනේ..
හීනෙන් හිනා නොවී..
මා හඬවාපන් මේ රෑ යාමේ..
පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යනවිට
නෑ මට වාවන්නේ. .
හීනෙන් හිනා නොවී..
මා හඬවාපන් මේ රෑ යාමේ..
ඉඳහිට මොලවන ලිපත් දනී පුත
කැඳ රස සුනු සහලේ..
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ..
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ. .
හීනෙන් හිනා නොවී..
මා හඬවාපන් මේ රෑ යාමේ..
රජ මැදුරක පෙදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹේ සිරියහනේ...
හීනෙන් හිනා නොවී..
මා හඬවාපන් මේ රෑ යාමේ...