රම්පෙට(සුදු නෝනා කැලේ)

Rampeta (Sudu Nona Kale)


රම්පෙට(සුදු නෝනා කැලේ) Lyrics

පේදුරව කොනේ ඉන්නෙ මචං දාලා සපත්තු
තිරි කුනාමලේ නිලාවැලියෙ දාමු සෙරෙප්පු
සීගිරිය ගලේ නගින හෙලේ පේන තරප්පු
සුදු නෝනා කැලේ නාවෙ මොකෝ තාම පරක්කු

රම්පෙට රපට රසට කැකිරි පලන ගාලු මනාලි
කඳු සැපට අපිට පාන කොමල
උඩරට මාලී
ඉඟ හැඩට වැඩට ආවට මල් රුහුණු කුමාරි
සිරිලකට සිරිය ගේන නුවර සිරි රන්දෝලි

යාල් පානමෙන් කොලඹට එනවලු ලීලා
රේල් පාරෙ ඉඳගෙන තල් රහටම බීලා
බඩු මේල් කෝච්චිය රෑ එලි වෙනකොට දීලා
අනෙ නෝක්කාඩු මොකටද ඉමු ජොලියක් දාලා

රම්පෙට රපට රසට කැකිරි පලන ගාලු මනාලි
කඳු සැපට අපිට පාන කොමල
උඩරට මාලී
ඉඟ හැඩට වැඩට ආවට මල් රුහුණු කුමාරි
සිරිලකට සිරිය ගේන නුවර සිරි රන්දෝලි

බුරියානි කන්න ආස නැද්ද දෙන්නද ආලේ
කිරිබත් කවන්න ආදරෙන්ම ගේ මැද සාලේ
මට තෝසෙ කන්න සාම්බාරු හොද්ද දවාලේ
මිදි කේක් තමයි අතුරුපසට ආසද රාලේ

රම්පෙට රපට රසට කැකිරි පලන ගාලු මනාලි
කඳු සැපට අපිට පාන කොමල
උඩරට මාලී
ඉඟ හැඩට වැඩට ආවට මල් රුහුණු කුමාරි
සිරිලකට සිරිය ගේන නුවර සිරි රන්දෝලි

Video thumbnail