Ran hiru madalin sihilasa ayadinawa

Ran hiru madalin sihilasa ayadinawa

Edward Jayakody
Ran hiru madalin sihilasa ayadinawa Lyrics

රන්හිරු මඩලින්‌ සිහිලස අයදිනවා...
පුන්සඳ පහනෙන්‌ උණුසුම අයදිනවා...
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා...
ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා..

රන්හි‍රු මඩලින්‌ සිහිලස අයදිනවා..
පුන්සඳ පහනෙන්‌ උණුසුම අයදිනවා..
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා....
ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා......

සයුරේ පැන්‌ තොට සොයමින්‌ වැළපෙනවා..
කතර කෙම්බිම දකිමින්‌ රැවටෙනවා..

සයුරේ පැන්‌ තොට සොයමින්‌ වැළපෙනවා..
කතර කෙම්බිම දකිමින්‌ රැවටෙනවා.....
දිලිසෙන දියරැලි මාලා.. නෙත පුරවා නෙක මායා
මිනිසුන්‌ හැමදා සිහිනක සැතපෙනවා..

රන්හිරු මඩලින්‌ සිහිලස අයදිනවා..
පුන්සඳ පහනෙන්‌ උණුසුම අයදිනවා..
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා..

ගමනේ මංපෙත දවසක නිමවෙනවා..
ලද දේ කල කී දේ හිත හඬවනවා..

ගමනේ මංපෙත දවසක නිමවෙනවා..
ලද දේ කල කී දේ හිත හඬවනවා..
නිවැරදි හැම සඟවාලා.. වරදට මල්දම්‌ දාලා....
රකුසන්‌ පුද දී මිනිසුන්‌ සැනසෙනවා..

රන්හිරු මඩලින්‌ සිහිලස අයදිනවා.....
පුන්සඳ පහනෙන්‌ උණුසුම අයදිනවා.....
ලෝකය බිහිවු දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා.....

Video thumbnail