රන්‌ කෙන්දෙන්‌ බැඳ අතැඟිලි එක්කළ ආදරයයි

Ran Kenden Banda Athagili Ekkala

nanda malani
රන්‌ කෙන්දෙන්‌ බැඳ අතැඟිලි එක්කළ ආදරයයි Lyrics

රන්‌ කෙන්දෙන්‌ බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම්‌ රැහැනින්‌ බැඳ
සිතුම්‌ වසඟ කළ ආදරයයි

රන්‌ කෙන්දෙන්‌ බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම්‌ රැහැනින්‌ බැඳ
සිතුම්‌ වසඟ කළ ආදරයයි

කිරිලිය සේ දුර පියාසලා ලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහල දෑත මගේ
ඔබටත්‌ ඔහුටත්‌ උරුමයි

හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජිතයම මගේ

රන්‌ කෙන්දෙන්‌ බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම්‌ රැහැනින්‌ බැඳ
සිතුම්‌ වසඟ කළ ආදරයයි

කණාටු සුළඟේ දුහුල්‌ මලකි අද
වල්මත්‌ වී පාවෙන්නේ..
ඔබගෙන්‌ දෝ.. ඔහුගෙන්‌ දෝ..
මා හෙට දින සමුගන්නේ

ඔබගෙන්‌ දෝ.. ඔහුගෙන්‌ දෝ..
මා හෙට දින සමුගන්නේ

ඔබගෙන්‌ දෝ.. ඔහුගෙන්‌ දෝ..
මා හෙට දින සමුගන්නේ...

Video thumbnail