ලල්ලලා ලල්ලල් ලලල් ලා..
ලල්ලලා ලල්ලල් ලලල් ලා..
ලල්ලලා ලල්ලල් ලා ලා..
ලා.. ලා.. ලා.. ලා..
එහේ හේ.. ඔහෝ හෝ.. එහේ හේ..
රන් පොකුණට දැන් ආමී
රන් සළු පිළිගෙන ආමී
රන් කලයෙන් දිය නාමී
රාජ කුමාරි මං
අර කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අඳින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ
විහිළු .. කෙරුචොත්.. තාත්තාට මා කියන්නම්
මම බයවෙයි.. කිව්චොත්.. බිත්තර කටුවක් සොයන්නෙමි මම
විහිළු .. කෙරුචොත්.. තාත්තාට මා කියන්නම්
මම බයවෙයි.. කිව්චොත්.. බිත්තර කටුවක් සොයන්නෙමි මම
මාගේ පසු පස්සෙන්.. අවතාරේ වගේ එන්නේ
කිවුවොත් පිය රජුගෙන්.. කස පාරයි ලැබෙන්නේ
අර කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අඳින්නේ
කොයිබද උදයම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ
රන් පොකුණට දැන් ආමී
රන් සළු පිළිගෙන ආමී
රන් කලයෙන් දිය නාමී
රාජ කුමාරි මං
තාත්තේ.. කිව්වා.. රොඩී කෙල්ල වාගෙලු මං
අනේ නෑ නෑ.. රජුනී.. පොළොව පැලෙන බොරුවකි ඔය කිව්වේ
තාත්තේ.. කිව්වා.. රොඩී කෙල්ල වාගෙලු මං
අනේ නෑ නෑ.. රජුනී.. පොළොව පැලෙන බොරුවකි ඔය කිව්වේ
කලයේ කට කැඩිලා.. වැරහැලි රෙදිපිළි ඇඳලා
කිව්වේ අන්දරේමයි.. රොඩී ළඳක් වාගේ මා කියාලා
රජ කුමරියගෙන් මා ඇහැව්වේ
රන් පොකුණට දෝ යන්නේ
රන් කොතලද ගෙන එන්නේ
මල්මද බිසවක් සේ
රජ කුමරියගෙන් මා ඇහැව්වේ
රන් පොකුණට දෝ යන්නේ
රන් කොතලද ගෙන එන්නේ
මල්මද බිසවක් සේ