Ran tharu payana ahasa balagena

Ran tharu payana ahasa balagena

keerthi pasquel
Ran tharu payana ahasa balagena Lyrics

රන්තරු පායන.. අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද එන්නේ..

මිහිර සොයා ගිය.. මගෙ ජීවය දැන
කඳුළැලි හා ළතවන්නේ..
සමාවෙයෙන්‌ සොඳුරියේ තවමත්‌ මා
අතමයි වරද තියෙන්නේ. .

කුඩා රුවල බැඳ.. තනිව සයුර මැද.
ඈත අතීතය දෙස බැලුවේ..
කොහේ සිටන්‌.. කොයිබට මා යාවිද
මට නම්‌ නැහැ වැටහෙන්නේ..

රන්තරු පායන.. අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ. .
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද එන්නේ..

පලා දෙපලු කල.. හදවත දැන්නම්
කාට එකතු කල හැක්කේ...
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුළ හැම වෙලේ...

රන්තරු පායන.. අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද එන්නේ..

මිහිර සොයා ගිය.. මගෙ ජීවය දැන
කඳුළැලි හා ළතවන්නේ..
සමාවෙයෙන්‌ සොඳුරියේ තවමත්‌ මා
අතමයි වරද තියෙන්නේ. .

සමාවෙයෙන්‌ සොඳුරියේ තවමත්‌ මා
අතමයි වරද තියෙන්නේ..

සමාවෙයෙන්‌ සොඳුරියේ තවමත්‌ මා
අතමයි වරද තියෙන්නේ...

Video thumbnail