රෑන ගිරා රෑන අඹේ මී බිබී Lyrics
රෑන ගිරා රෑන අඹේ මී බිබී
රෑන ගිරා රෑන අඹේ මී බිබී
රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ
ඇඟේ මිහිරා ඈව සොයා ඒ..
කන්ද උඩින් පියා සලාලා..
මාගේ සුදා.. මාගේ සුදා තාම නෑ..
ඕලු නෙලේ මාල ගෙතේ පේළියේ
ඕලු නෙලේ මාල ගෙතේ පේළියේ
ඇගේ මිහිරා එන මගමයි බලන්නේ
වන බඹරා ඈව සොයා ඒ..
කන්ද උඩින් පියා සලාලා..
මාගේ සුදා.. මාගේ සුදා තාම නෑ..
මාගෙ සුදා මාගේ සුදා තාම නෑ
මාගෙ සුදා මාගේ සුදා තාම නෑ
මා මිහිරා ඔබ අතරද සිටින්නේ
ඔහු සොයමින් මා එනවා මේ..
ගීත ගයා රඟා රඟාලා..
මාගේ සුදා.. මාගේ සුදා තාම නෑ..
දිය කුමර රැල්ල නගා රඟාලා
දිය කුමර රැල්ල නගා රඟාලා
ඇගේ මිහිරා කොයිද කියා සොයන්නේ
කඳුළ ලියා ඈව සොයා ඒ..
කන්ද උඩින් පියා සලාලා..
මාගේ සුදා.. මාගේ සුදා තාම නෑ...