රෑට කොළඹ නගරේ පිසන්‌ හමන සුළං රැල්ල(මිසිස්‌ පෙරේරා..)

Rata Kolamba Nagare (Mrs Perera)

mihindu ariyaratne
රෑට කොළඹ නගරේ පිසන්‌ හමන සුළං රැල්ල(මිසිස්‌ පෙරේරා..) Lyrics

රෑට කොළඹ නගරේ පිසන්‌ හමන සුළං රැල්ල
මූණ කටට ගේන අමුතු කිතිය හරිම පුදුම
දැනුණේ නෑනේ.. හිතුනේ නෑනේ
කිසිම ගතියක්‌ නෑ..

සාරි කපලා දාපු රූම්‌ එකේ ජනෙල්‌ රෙද්ද
වැනෙයි ඉබාගාතේ ඩිස්කෝ නැටුම්‌ දාන්‌ නැතුව
සද්දේ නෑනේ.. ඇයත්‌ නෑනේ
කිසිම ගතියක්‌ නෑ..

නාන ගමන්‌ කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමන්‌ ඇස්‌ වලටත්‌ දැනේ ගින්න
ඇයව මතක්‌ කරන්‌ ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිට කෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද

මිසිස්‌ පෙරේරා.. අයියෝ මිසිස්‌ පෙරේරා..
අපි හන්ටර් දැන්‌.. ඇය ලන්ඩන්‌ දැන්‌
අයියෝ මිසිස්‌ පෙරේරා..

මිසිස්‌ පෙරේරා.. ඕ මිසිස්‌ පෙරේරා..
මම ටාසන්‌ බන්‌.. යන්න වැල්‌ නෑ දැන්‌
අයියෝ මිසිස්‌ පෙරේරා..

දුවව පෙන්න පෙන්න වැඩිය ගත්තා අපේ කුලිය
මකුණෝ කාපු තරම වැඩිය ලොකුයි ලේ බැංකුව
දැනුණේ නෑනේ.. හිතුනේ නෑනේ
ඈව දකින නිසා..

රෑට කන්න තිබුණු බත්‌ එක මිස්‌ වෙනව රෑට
ඇයත්‌ එක්ක චාටු වදන්‌ කියලා රෑට රෑට
දන්නේ නෑනේ.. හිතුනේ නෑනේ
අපිට පාඩුයි කියා..

නාන ගමන්‌ කියන හිතේ තියෙන ශෝක ගීය
වතුර කපපු ගමන්‌ ඇස්‌ වලටත්‌ දැනේ ගින්න
ඇයව මතක්‌ කරන්‌ ඉවසුවා අපි හිතේ ගින්න
දුවව පිට කෙනෙකුට බන්දලා දුන්නේ ඇයිද

මිසිස්‌ පෙරේරා.. අයියෝ මිසිස්‌ පෙරේරා..
අපි හන්ටර් දැන්‌.. ඇය ලන්ඩන්‌ දැන්‌
අයියෝ මිසිස්‌ පෙරේරා..

මිසිස්‌ පෙරේරා.. ඕ මිසිස්‌ පෙරේරා..
මම ටාසන්‌ බන්‌.. යන්න වැල්‌ නෑ දැන්‌
අයියෝ මිසිස්‌ පෙරේරා..

යන්න යනවා මම ඩුබායි
ඉන්න බෑ මට දැන්‌ දුකායි
අම්මා කිව්වෙත්‌ ඔය ටිකායි
කොළේ වහලා ගැහුවා නේදෝ අපිට

මිසිස්‌ පෙරේරා.. අයියෝ මිසිස්‌ පෙරේරා..
අපි හන්ටර් දැන්‌.. ඇය ලන්ඩන්‌ දැන්‌
අයියෝ මිසිස්‌ පෙරේරා..

මිසිස්‌ පෙරේරා.. ඕ මිසිස්‌ පෙරේරා..
මම ටාසන්‌ බන්‌.. යන්න වැල්‌ නෑ දැන්‌
අයියෝ මිසිස්‌ පෙරේරා...

Video thumbnail