රටක්‌ වටිනවා.. මගෙ මව්පියෝ දෙන්නා

Ratak Watinawa Mage Mawpiyo Denna

maxwell mendis
රටක්‌ වටිනවා.. මගෙ මව්පියෝ දෙන්නා Lyrics

රටක්‌ වටිනවා.. මගෙ මව්පියෝ දෙන්නා
මලක්‌ සේම දැඩි කරලා මට සැප දුන්නා
මම කල පවු කියලා.. දෙපා ළඟ දණ ගහලා
දැඩි කල මවුට වඳිනවා..

මම කල පවු කියලා.. දෙපා ළඟ දණ ගහලා
දැඩි කල මවුට වඳිනවා..

දුකට සැපට පිහිට අපට වෙනවා මෑණියෝ
දැක දැක මවු නොසලකන්නේ රටේ මෝඩයෝ
දස මසක්‌ කුසෙහි දරා.. ලේ කිරි කර පොවලා
දැඩි කල මගේ මෑණියෝ..

දස මසක්‌ කුසෙහි දරා.. ලේ කිරි කර පොවලා
දැඩි කල මගේ මෑණියෝ..

දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වඳිනවා මම මගේ අම්මට
ලෙඩ දුක දෙක බැලුවා.. දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියෝ මගේ මෑණියෝ...

ලෙඩ දුක දෙක බැලුවා.. දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියෝ මගේ මෑණියෝ...

මවු වගේ තව කෙනෙක්‌ ඇත්ද මේ මනු ලෝකේ
මවු නැතිදා තේරේවි මවු නැති සෝකේ
නලවා බබෝ කියා.. බැලුවා නෙත නොපියා
සිහිවෙයි මවු මරණ මංචකේ..

නලවා බබෝ කියා.. බැලුවා නෙත නොපියා
සිහිවෙයි මවු මරණ මංචකේ..

කැලේ සිටින මුර්ගයා ආදරෙයි පැටියාට
යක්ෂයා වාගේ සමහර පුතු රවයි අම්මට
බස්‌ නොව බොරු මිතුරා.. ඇස්‌ දෙක යයි පුපුරා
දස්කම්‌ ඇයි නුඹේ අම්මට..

බස්‌ නොව බොරු මිතුරා.. ඇස්‌ දෙක යයි පුපුරා
දස්කම්‌ ඇයි නුඹේ අම්මට..

ප්‍රේම කරන කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව්‌ නේද මවුට කුස්සියේ වැඩ ඉවරයක්‌ නැතේ
මෝඩකම්‌ අත්‌ හැරලා.. මෙවදන්‌ සිතට අරන්‌
සලකන මවුගේ ජීවිතේ..

මෝඩකම්‌ අත්‌ හැරලා.. මෙවදන්‌ සිතට අරන්‌
සලකන මවුගේ ජීවිතේ..

මරුවා ඇවිත්‌ දගලන කල පණ ගෙන යන්ට
බේරගන්න බැරි තැන අඬ ගසති අම්මට
දුරුවා වරෙන්‌ කියා.. මරුවා අඬ ගසනවා
පුතාගේ සැර එවෙලෙට ඉවරයි..

දුරුවා වරෙන්‌ කියා.. මරුවා අඬ ගසනවා
දුවාගේ සැර එවලෙට ඉවරයි...

රටක්‌ වටිනවා.. මගෙ මව්පියෝ දෙන්නා
මලක්‌ සේම දැඩි කරලා මට සැප දුන්නා
මම කල පවු කියලා.. දෙපා ළඟ දණ ගහලා
දැඩි කල මවුට වඳිනවා..

මම කල පචු කියලා.. දෙපා ළඟ දණ ගහලා
දැඩි කල මවුට වඳිනවා..

මම කල පවු  කියලා.. දෙපා ළඟ දණ ගහලා
දැඩි කල මවුට වඳිනවා..
මම කල පවු  කියලා.. දෙපා ළඟ දණ ගහලා
දැඩි කල මවුට වඳිනවා..
මම කල පවු  කියලා.. දෙපා ළඟ දණ ගහලා
දැඩි කල මවුට වඳිනවා....
මම කල පවු  කියලා.. දෙපා ළඟ දණ ගහලා
දැඩි කල මවුට වඳිනවා.....

Video thumbnail