රටකින්‌ එහා ඉගිලී

Ratakin Eha Igili

priya suriyasena
රටකින්‌ එහා ඉගිලී Lyrics

රටකින්‌ එහා ඉගිලී.. තනිවෙන්න බෑ..
සිතකින්‌ නොවේ කිසිදා.. හැරයන්නේ මා..
අද මෙන්‌ ළඳේ හෙට නෑ.. හමුවෙන්නේ මා..
ගෙන යමි ඔබේ.. ආදරේ.. ආදරේ..

නා දළු දෙතොල්‌ හසරැළි මත වෙළී..
ආගිය ගමන්‌ සිහිව එයි යළි යළී..
අසමාන වු.. ඒ අප ආදරේ..
කිසිදා බිඳෙන්‌ නෑ.. සැකයක්‌ නැතේ..

රටකින්‌ එහා ඉගිලී.. තනිවෙන්න බෑ..
සිතකින්‌ නොවේ කිසිදා.. හැරයන්නේ මා..

අතිනත වෙලා පටලලා රන්‌ හුයෙන්‌..
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්‌..
හෙට ඒ දිනේ දි.. සයුරෙන්‌ එහා..
පිළිගන්නවා දෝ.. පැමිණි වහා..

රටකින්‌ එහා ඉගිලී.. තනිවෙන්න බෑ..
සිතකින්‌ නොවේ කිසිදා.. හැරයන්නේ මා..
අද මෙන්‌ ළඳේ හෙට නෑ.. හමුවෙන්නේ මා..
ගෙන යමි ඔබේ.. ආදරේ.. ආදරේ...

Video thumbnail