රත් වූ කොපුල් Lyrics
රත් වූ කොපුල් දොවා කදුළක් ඇද වැටෙයි
ඝන කලුවරේ හොවා නුඹ ඈතක ඇදෙයි
මතකයම මා දවයි මේ හුස්මක් බරයි
හද මන්දිරේ පුරා නුඹ සක්මන් කරයි
මහ සාගරේ වගේ නුඹ ළග ආදරේ මගේ
කඩදාසියක් වගේ පොඩි කර විසි කරා වගේ
හැමදෑම මේ තොලේ මී විත ගෑවෙනා පැයේ
නුඹෙ ආදරේ මගේ දෙනුවන් තෙමනවා රැයේ ... //
මතකයි සුදු වෙරළේ උර තලයේ හොවා
පොළවේ කෝටුවකින් අකුරු ගැලපුවා
මහ මග දාල ගියත් මා එපා කියා
තාමත් ආදරෙයි නෙ මා
මහ සාගරේ..........
වශියක් වෙලා වගේ දෑතෙ එල්ලිලා
ඔහු ළග සිනාසුනේ මා දුකින් පෙලා
අන්සතු වෙලා ගියත් දුර ඉදන් බලා
ඉන්නම් මං හිනා වෙලා
රත් වූ කොපුල් .......
මහ සාගරේ වගේ ...........