රත්නපුරෙන් ගෙන ආ සමන් මල්.. සුවඳින් හද පුරවා..
කලා වැවේ සුදු නෙළුම් නෙළා ගෙන දෝත පුරා..
රුහුණු පුරෙන් නෙළලා කෑල මල්.. සුවඳ කොකුම් තවරා..
අලිමංකඩ තොටමුණට වෙලා අපි.. බලා හිඳිනවා..
නාගදීපයේ.. දොරගුලු ඇරෙන තුරා.....
ජයසිරිමා බෝ හාමුදුරුවනේ... මා පෙළහරක් මහා...
දෙවුන්දරින් යාපා පටුනට
එකම බතක් ඉදෙනා දිනක්
අපට උදා කල මැනවි යළිත්
ගොහොහෝ.. ගොහොහෝ.. ගොහො හොහොහෝ..
පන්සල පල්ලිය කෝවිල පාමුල
ගුගුරා යන වෙඩි හඬ අතරේ..
පුපුරා යන්නේ මිනිස් කමයි..
මිහිදන් වු එක.. ලේ බිඳුවකවත්
ලියවී තිබුණද.. ජාතියේ නමක්
අනාථ කඳවුරු දොර ළඟ පරවෙන
කැකුලු මලක් විමසා බලන්
උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව
ජීවත්වන්නට හෙට දවසක්
රත්නපුරෙන් ගෙන ආ සමන් මල්.. සුවඳින් හද පුරවා..
කලා වැවේ සුදු නෙළුම් නෙළා ගෙන දෝත පුරා..
රුහුණු පුරෙන් නෙළලා කෑල මල්.. සුවඳ කොකුම් තවරා..
අලිමංකඩ තොටමුණට වෙලා අපි.. බලා හිඳිනවා..
නාගදීපයේ.. දොරගුලු ඇරෙන තුරා...