රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ..

Rathu Guru Pare Handawe

latha walpola
රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ.. Lyrics

රතු ගුරු පාරේ හැන්දෑවේ
අක්කා නගෝ වාගේ..
අතිනත පටලා යමු අපි දෙදෙනා
පුංචි දුවේ මාගේ..

දෙනෝදහක්‌ ලොව සිටියත්‌ කම් නැත
මට මව්‌ හෙවණ වාගේ..
බිහිවු දා සිට අප ළංවී ඇත
හෙවණැලි දෙකක්‌ වගේ..

රන්‌ දෝලාවක කුමරෙකු අත ගෙන
ඈත දුරක ඔබ යන දිනයේ..
හිතා ගන්න බෑ කුමක්‌ දැනේවිද
හිතට මගේ එදිනේ....

ගියද කොහේ මම ළඟය ඔබේ නිති
බෙදී බිඳී නොමයේ..
යහළුවාට යෙහෙළියට මගේ ළඟ
ඔබ පමණයි ඉන්නේ..

රතු ගුරු පාරේ හැන්දෑවේ
අක්කා නගෝ වාගේ..
අතිනත පටලා යමු අපි දෙදෙනා
පුංචි දුවේ මාගේ..

දෙනෝදහක්‌ ලොව සිටියත්‌ කම් නැත
මට මව්‌ හෙවණ වාගේ..
බිහිවු දා සිට අප ළංවී ඇත
හෙවණැලි දෙකක්‌ වගේ..

මහළු වියේ මා තනිවන දවසේ
වාරු නොමැති පා ඔසවන්නේ..
තනි නොතනිය මැද දුවේ නුඹයි මට
එදාට මව්‌ වන්නේ..

මා ගත සුවඳයි ඔබ ගත සුවඳයි
කිසි වෙනසක්‌ නැත්තේ..
මමයි ඔබේ දුව ඔබයි මගේ මව
භවෙන්‌ භවේ නිබඳේ..

රතු ගුරු පාරේ හැන්දෑවේ
අක්කා නගෝ වාගේ..
අතිනත පටලා යමු අපි දෙදෙනා
පුංචි දුවේ මාගේ..

රතු ගුරු පාරේ හැන්දෑවේ
අක්කා නගෝ වාගේ..
අතිනත පටලා යමු අපි දෙදෙනා
පුංචි රුවක්‌ වාගේ...

Video thumbnail