රෑ අහසේ.. තරු දිලෙද්දී..
සීත සුළං රැල්.. ගත දැවටෙයි
සැඩ පහරට.. නැව ගැස්සෙද්දී..
සුසුනිදු පහසක.. අඩුව දැනෙයි
මධු බඳුන්.. ඈ ගෙන එද්දී..
ඉන් මගේ උමතුව දුරුවී
මධු විතින්.. ගත නැලවෙද්දී..
මා වැළඳ ගන්න සොඳුරී
ඔඔඔ ඕ ඔ.. ඔඔඔ ඕ ඔ..
ඔඔඔ ඕ ඔ.. ඔඔඔ ඕ..
ඔඔඔ ඕ ඔ.. ඔඔඔ ඕ ඔ..
ඔඔඔ ඕ ඔ.. ඔඔඔ ඕ..
නෙත් කොනින්.. ඉඟි කරයි ඈ..
රතු තොල් වලින්.. බිඟී කරයි..
ලැසි ගමනේදී බඳ සලයි ඈ..
රෑ යහනට.. ඇරයුම් කරයි..
ඇගේ පහසින්.. ගත ගිනිගද්දී..
තව කුමට මට රන් රිදී..
මැරුණාවේ.. මා මැරුණාවේ..
ඇගේ ළමැදේ හුස්ම හිරවී..
පැදපල්ලා.. පැදපල්ලා.. පැදපල්ලා..
අර වෙරළ බලා..
අපි එනවා.. අපි එනවා.. අපි එනවා..
කෙල්ලෝ සොයා..
මධු විතින්.. ගත නැලවෙද්දී..
මා වැළඳ ගන්න සොඳුරී..
මැරුණාවේ.. මා මැරුණාවේ..
ඇගේ ළමැදේ හුස්ම හිරවී..
පැදපල්ලා.. පැදපල්ලා.. පැදපල්ලා..
අර වෙරළ බලා..
අපි එනවා.. අපි එනවා.. අපි එනවා..
කෙල්ලෝ සොයා..
(ඔඔඔ ඕ ඔ.. ඔඔඔ ඕ ඔ..
ඔඔඔ ඕ ඔ.. ඔඔඔ ඕ..)
අපි එනවා.. අපි එනවා.. අපි එනවා..
කෙල්ලෝ සොයා..
(ඔඔඔ ඕ ඔ..)