Re ahase tharu dilena tharam

Re ahase tharu dilena tharam

gayantha wijayarathne
Re ahase tharu dilena tharam Lyrics

රෑ අහසේ තරු දිලෙන තරම්..
මා මනසේ ඔබ රැඳෙනවා නම්..
විශ්වයේ නම්‌ නොවේ.. තවත්‌
මෙවන්‌ සැනසුමක්‌.. හදට උණුසුමක්‌....

නුවන්‌ තෙමී විසිරෙනා..
නුඹේ කඳුළු පා කරන්න.. වැහි වලාවකින්‌..
වැහි වැටෙන්න ළං වෙනකොට
ආකාසෙට දෙනෙත්‌ යොමා.. බලා සිටින්නම්‌..
වැටෙන වැටෙන වැහි බිඳු ගෙන.. මා සඟවන්නම්..

රෑ අහසේ තරු දිලෙන තරම්..
මා මනසේ ඔබ රැඳෙනවා නම්..
විශ්වයේ නම්‌ නොවේ.. තවත්‌
මෙවන්‌ සැනසුමක්‌.. හදට උණුසුමක්‌....

මල්‌ උයනක සැරිසරන්න
සමනලයනි ගිල එන්න.. නුඹලට හැකිනම්..
පන්හිඳ ළඟ තනි වෙනකොට
මා ලියනා කවි ගී වැල්‌.. ඈතට ගෙනහින්....
ඇයට ඇහිඳ ගන්න දුරක.. වීසි කරාපන්‌..

රෑ අහසේ තරු දිලෙන තරම්..
මා මනසේ ඔබ රැඳෙනවා නම්..
විශ්වයේ නම්‌ නොවේ.. තවත්‌
මෙවන්‌ සැනසුමක්‌.. හදට උණුසුමක්‌....

Video thumbnail