රෑ වැඩ මුරය අවසන්‌ වන කණිසමට

Re Wada Muraya Awasan Wana Kanisamata

sunil edirisinghe
රෑ වැඩ මුරය අවසන්‌ වන කණිසමට Lyrics

රෑ වැඩ මුරය අවසන්‌ වන කණිසමට..
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක්‌ ලෙසට..
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට..
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට..

තුන්‌ තිස්‌ පැයේ දෑඟිලි නිදි වරන්නේ..
නිල්‌ එළියටයි පෙති ගෝමර දැවෙන්නේ..
මල්විය නොවෙද මේ දියකර හරින්නේ..
මැසිමද හිතද මහ හයියෙන්‌ හඬන්නේ..

රෑ වැඩ මුරය අවසන්‌ වන කණිසමට..
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක්‌ ලෙසට..
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට..
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට..

නුඹේ කඳුළැලිද සයුරේ රළ නගන්නේ. .
හද සුසුමන්ද පවනක්‌ වී හමන්නේ..
තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ..
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..

Video thumbnail