පසුවන්නේ මා කඳුලැල් පුරවා
යුද ගිනි දැවෙනා ලෝකය දුටුවා
ගිනිදැල් මැද රඟනා මිනිසින් ගැන සිතලා
ස්වර්ගෙ තවත් දුරද අපට යන්න
වර්ගෙ නසා හැකිද දිනුම ගන්න
තරාතිරම කුමට එකට යන්න ලෝකෙන් ලෝකේ
ස්වර්ගෙ තවත් දුරද අපට යන්න
නොදනිමි දෙවිඳේ
එන්න දෙන්න දේවි දේ දැන් සමාව
දෙන්න එන්න දේවී දේ දැන් සමාව
දේවී දේ දැන් සමාව
රුදිරෙන් තෙමෙනා ලෝහිත ලෝකෙ
ගින්නෙන් පන්නර වෛරය හෘදේ
ලෝහිත ලෝකේ වෛරය හෘදේ
නැසුවා ප්‍රේමේ මිහිපිට ලෝකේ
ආආආආ.....
එන්න දෙන්න දේවි දේ දැන් සමාව
දෙන්න එන්න දේවී දේ දැන් සමාව...//
හිස් වන්නේ මා හසරැල් හිඳිලා
පිළියම් සොයලා වෙහෙසෙන්නේ මා
ගිනිදැල් මැද රඟනා මිනිසුන් ගැන හිතලා
රුදිරෙන් මතුරා බිලි පුද සොයනා
මිනිසුන් නොව උන් තිරිසන් වූවා
නිරයට යන මඟ උන් දැන උන්නා
ඒ මඟ ලෝකය යැයි වැඳ වැටිලා
ගිනිදැල් ලෝ තලයේ නිවන්න කල් යන්නේ
ඇවිලෙන තැන් අඳුරේ නිවන්න කාලය මේ
නිවන්න කාලය මේ
අපෙ අතේ ගැලව්ව් යාම අපෙ අතේ
නැත පුතේ පලායාම ඵල නැතේ ඵල නැතේ
සටන මේ ඒ ඒ අපෙ අතේ
වාද බේද ගොඩනඟනා මිනිසුන් දුටුවා
රාග ද්වේශ බිහිකරනා පටු තැන් දුටුවා
අහස පොළව දෙදරා දැන් වෛරය පිපුනා
සරණ සොයා යන මිනිසුන් අඳුරෙම ගිලුනා
දේවී දේ දැන් සමාව
දේවී දේ දැන් සමාව
රුදිරෙන් තෙමෙනා ලෝහිත ලෝකෙ
ගින්නෙන් පන්නර වෛරය හෘදේ
ලෝහිත ලෝකේ වෛරය හෘදේ
නැසුවා ප්‍රේමේ මිහිපිට ලෝකේ
ආආආආ.....
එන්න දෙන්න දේවි දේ දැන් සමාව
දෙන්න එන්න දේවී දේ දැන් සමාව...//