Ruhunu ahasin ahala mal pethi adath Lyrics
ඇහැල මල් පෙති අදත් වැටිලා..
වැව් තෙරට ආ මොණරු හැඬුවා..
හරිත තුරු යට දෙඅත් පටලා..
නාඳුනන පෙම්වතුන් හිටියා..
එදා අප පෙම් තෙපුල් මිමිණු
ගල් බැම්මේ පිනි වැටිලා නිබුණා..
අනේ ඔබ නැති සොවින් තැවිලා
රැහුණු අහසින් කඳුළු වැටුණා..
මාතොටින් ආ මුහුදු හුළඟේ
මං ගියේ මතකය දිගේ..
ආදරෙන් අපි ඇවිද ගිය මග
වානු බැරි තනිකම දැනේ..
කවුරුවත් නැති දෙසුම්හල් වල
ඒ ඔබේ සුවඳම දැනේ..
හීනයක්දැයි හිතෙයි සරසවි බිමෙන්
ඔබ නික්මුණු දිනේ..
විදි සටනේ පෙරමුණේ ගොස්
ගැටී දුබලව ගිය දිනේ..
ඒ ඔබේ ලෙන්ගතුකමයි මට
දිරිය ශක්තිය ඇති කළේ..
සිව් වසක් ගිය තැනින් ප්‍රේමය
කුරුටු ගා ගිය මුත් නගේ..
ආයෙමත් මුණගැසී දුක සැප
බෙදා ගමු මිනිසුන් වගේ..
ආයෙමත් මුණගැසී දුක සැප
බෙදා ගමු මිනිසුන් වගේ...