Ruwan wala wimane siri yahanawo dutuwado

Ruwan wala wimane siri yahanawo dutuwado

h r jothipala
Ruwan wala wimane siri yahanawo dutuwado Lyrics

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ.. දුටුවාදෝ..

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ.. දුටුවාදෝ..
දොතින්‌ ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ...

දෝතින්‌ ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ.. දුටුවාදෝ

මේ දෑත සීතල ඇයිදෝ..
මට පවසන්න කොඳුරා ළඳේ..

නෑ තාම උණුසුම කුමරෝ..
යමු තනිවෙන්න මිටියාවතේ...
ළංවෙන්න ළඟ ඉන්න කුමරි
විලවුන්‌ විජිතේ මගේ වාසනා..

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ.. දුටුවාදෝ
රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ.. දුටුවාදෝ..

කඳුයාය අතරේ සුහදේ..
පෙම් විහඟුන්‌ පරාදීසයේ

මධු චන්ද්‍ර ඇරයුම්‌ ගයනා
අර ඇසුණාද මනමාලියේ..
පවසන්න මට ළංව මුමුණා
මා පෙර නෑසු පෙම්‌ ගායනා...

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ.. දුටුවාදෝ
රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ.. දුටුවාදෝ

දෝතින්‌ ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ
දෝතින්‌ ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ.. දුටුවාදෝ....

Video thumbnail