සබඳකමක්‌ නැති දෙදෙනෙකු වෙමු අපි

Sabanda Kamak Nathi

neela wickramasinghe
සබඳකමක්‌ නැති දෙදෙනෙකු වෙමු අපි Lyrics

සබඳකමක්‌ නැති දෙදෙනෙකු වෙමු අපි
මා තේරුම්‌ ගනු ඔබට නොහැකි නම්
ඔබ තේරුම්‌ ගනු මටද නොහැකි නම්‌

සබඳකමක්‌ නැති දෙදෙනෙකු වෙමු අපි
මා තේරුම්‌ ගනු ඔබට නොහැකි නම්
ඔබ තේරුම්‌ ගනු මටද නොහැකි නම්‌

වසර ගණන්‌ කල්‌ සිනාසුනෙමු අපි
වසර ගණන්‌ කල්‌ කතා කළෙමු අපි
වසර ගණන්‌ කල්‌ සිනාසුනෙමු අපි
වසර ගණන්‌ කල්‌ කතා කළෙමු අපි

එහෙත්‌ කවුද ඔබ.. ඔබට කවුද මා..
ඔබත්‌ නොදන්නෙහි.. මමත්‌ නොදන්නෙමි

සබඳකමක්‌ නැති දෙදෙනෙකු වෙමු අපි
මා තේරුම්‌ ගනු ඔබට නොහැකි නම්
ඔබ තේරුම්‌ ගනු මටද නොහැකි නම්‌

අත්වැල්‌ බැඳගෙන මහවැලි ඉවුරෙහි
පෙරදින සැන්දෑ සමය ගෙවී ගිය
අත්වැල්‌ බැඳගෙන මහවැලි ඉවුරෙහි
පෙරදින සැන්දෑ සමය ගෙවී ගිය

නමුදු කවුද ඔබ.. ඔබට කවුද මා..
ඔබත්‌ නොදන්නෙහි.. මමත්‌.. නොදන්නෙමි...

Video thumbnail