සාගරේ තරම්(ආදර කවියේ) Lyrics
ආදර කවියෙ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හී සර හිත යට කොනකින් තියලා
සුලගට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලේ හින්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා
සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පූදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා
පාවෙන සුසුමෙ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල් ඉම්ඹා
සාගර රළ හා ඔරුවක රන්දා
ආදරණීයම කවියක් ලිව්වා
ඇස්පිය ගැහේ හීනේ දුටු දා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මංදා
සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පූදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා