සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා...
නිතඹ නළෝලා.. නිතඹ නළෝලා..
ප්රිය උකුළු මුකුළු කැකුලු කුමුදු සිනහ නගාලා..
සිනහ නගාලා.. සිනහ නගාලා..
ළිං වතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා..
උකුලේ තබාලා.. උකුලේ තබාලා..
මල් ඔමරි බොමර ගමනක යන මට පිටුපාලා..
මට පිටුපාලා.. මට පිටුපාලා..
අඩසඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ
රණ මොණර පිලයි කෙස් කලඹේ දිලෙන්නේ
හැඩ වළලු අතේ දමාලා.. සිලි සිලින් සිලින් නගාලා
යන ලතාවටයි ආදරේ මට හිතෙන්නේ
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා...
නිතඹ නළෝලා.. නිතඹ නළෝලා..
ප්රිය උකුළු මුකුළු කැකුලු කුමුදු සිනහ නගාලා..
සිනහ නගාලා.. සිනහ නගාලා..
මේ කැලැ මලේ ඔබ කොහිදෝ උපන්නේ
ගන වනන්තරේ කොතැනටදෝ ඇදෙන්නේ
ජය බුලත් විටක් හපාලා.. තොල් රතට රතේ එතීලා
ඇයි මැණිකේ මගේ හනි හනිකේ දුවන්නේ
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා...
නිතඹ නළෝලා.. නිතඹ නළෝලා..
ප්රිය උකුළු මුකුළු කැකුලු කුමුදු සිනහ නගාලා..
සිනහ නගාලා.. සිනහ නගාලා..
අඩසඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ
රණ මොණර පිලයි කෙස් කලඹේ දිලෙන්නේ
හැඩ වළලු අතේ දමාලා.. සිලි සිලින් සිලින් නගාලා
යන ලතාවටයි ආදරේ මට හිතෙන්නේ
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා...
නිතඹ නළෝලා.. නිතඹ නළෝලා..
ප්රිය උකුළු මුකුළු කැකුලු කුමුදු සිනහ නගාලා..
සිනහ නගාලා.. සිනහ නගාලා..
ළිං වතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා..
උකුලේ තබාලා.. උකුලේ තබාලා..
මල් ඔමරි බොමර ගමනක යන මට පිටුපාලා..
මට පිටුපාලා.. මට පිටුපාලා..