Saman mal piyalle sada ras karalle

Saman mal piyalle sada ras karalle

h r jothipala
Saman mal piyalle sada ras karalle Lyrics

සමන්‌ මල්‌ පියල්ලේ
සඳේ රැස්‌ කැරැල්ලේ

සමන්‌ මල්‌ පියල්ලේ
සඳේ රැස්‌ කැරැල්ලේ...
ප්‍රීතී වලාවන් එක්වී...
සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ..

සමන්‌ මල්‌ පියල්ලේ
සඳේ රැස්‌ කැරැල්ලේ...

වනේ මල්‌ නෙලාලා
ඔබේ ගෙල බඳින්නම්
රිදී පිනි දියෙන්‌ මා
ඔබේ නෙත්‌ තෙමන්නම්...

සාගරෙන්‌ සොයාලා..
නිල්‌ මැණික්‌ ගෙනල්ලා..
ඔබගේ වරලේ ගසලා..
ලස්සන බලන්නම්....

සමන්‌ මල්‌ පියල්ලේ
සඳේ රැස්‌ කැරැල්ලේ

සුදෝ සුදු වලාවන්‌
සිහින්‌ ඉඟ ඔතන්නම්‌...
ගංගාවේ ඉවුරේ...
ළං වී ඉඳින්නම්...

අමරණිය ප්‍රේමේ
සිහසුන්‌ දරාලා
ඔබගේ කවදා හෝ මං
දෑතම ලබන්නම්...

සමන්‌ මල්‌ පියල්ලේ
සඳේ රැස්‌ කැරැල්ලේ
ප්‍රීතී වලාවන් එක්වී...
සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ..

සමන්‌ මල්‌ පියල්ලේ
සඳේ රැස්‌ කැරැල්ලේ..
සඳේ රැස්‌ කැරැල්ලේ..

Video thumbnail