සමනොල සිරිපා..පියුම දොවාගෙන

Samanola Siripa Piyuma Dowagena Itn

theme songs
සමනොල සිරිපා..පියුම දොවාගෙන Lyrics

සමනොල සිරිපා..පියුම දොවාගෙන
පියුම දොවාගෙන
සීත ගඟුල්‌ රට වට යනවා
සිංහරාජ වන කුංචනාදයෙන්‌
මේඝ වලාකුළු රජ වෙනවා

තුරුලිය මල්පල විහඟ ගීතයෙන්‌
විහඟ ගීතයෙන්‌
ආදම්‌ උයනක්‌ සැඟවෙනවා
රාවණ ලංකා ඉසුරු පුරාණය
ගොළු මුහුදින්‌ මුතු මතුවෙනවා

ගංගා හරවා.. නැව්‌ පෙළ අමුණා..
මිහිරස මතුකල පරම්පරාවේ
මිහිරස මතුකල පරම්පරාවේ
අනුර පොලොන්නරු සීගිරි අවුකන
විස්කම් පෑ හුරු පරම්පරාවේ
පැතිරේ.. කිතු රාවේ..

සමනොල සිරිපා..පියුම දොවාගෙන
පියුම දොවාගෙන
සීත ගඟුල්‌ රට වට යනවා
සිංහරාජ වන කුංචනාදයෙන්‌
මේඝ වලාකුළු රජ වෙනවා

පිරිසිඳු බුදු බණ.. පොත්‌ කොට රැක දෙන
ලොවට බෙදා දුන්‌ පරම්පරාවේ
ලොවට බෙදා දුන්‌ පරම්පරාවේ
බැති  යුග.. ගව යුග.. ගොවි යුගයෙන්‌ නව
යුගයක්‌ පෑ හිරු පරම්පරාවේ
පැතිරේ.. කිතු රාවේ..

එක අම්මාගෙන්‌ කිරි බිවු අපි සැම
කිරී බිවු අපි හැම..
එක ලේ මස්‌ ඇති සුමිතුරුවෝ
පන්සල්‌ කොවිල්‌ පල්ලි ගියත්‌ අපි
එකම පියාගේ දූ දරුවෝ..

පරිසරයට සුව සුවඳ බෙදා දෙන
සුවඳ බෙදා දෙන..
සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
එක ධජයේ යට එකටම යන අපි
ලංකා මවගේ දූ දරුවෝ..

ලංකා.. දූ දරුවෝ..
ලංකා.. දූ දරුවෝ..
ලංකා.. දූ දරුවෝ..
ලංකා.. දූ දරුවෝ..

Video thumbnail